by Staff Writer . 13-02-2022 | 8:21 PM
COLOMBO (NEWS1ST): උඩදුම්බර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ දිනේෂ් කපුකොටුව මහතා අද සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හසලක නගරයේදී සහභාගී වූ ජන රැළියක් අතරතුරයි.
කලක් ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති ලෙස ද කටයුතු කළේ දිනේෂ් කපුකොටුව මහතායි.
ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සෙනරත් කපුකොටුව මහතාගේ සහෝදරයෙකි.