
යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවෙයි – අමෙරිකානු ජනපති අනතුරු අඟවයි
යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවෙයි – අමෙරිකානු ජනපති අනතුරු අඟවයි
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවයි.
ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමග පැවති වීඩියෝ ඇමතුමකදීය.
යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව ගනු ලබන තීරණ පිළිබඳව බටහිර රටවල් අවධානයෙන් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීම වැනි තීරණයක් රුසියාව ගනු ලැබුවහොත් රුසියාව හුදකලා රාජ්‍යයක් බවට පවා පත් වීමට ඉඩ ඇති බව ය.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති සමග පැවති මෙම වීඩියෝ ඇමතුමේදී රුසියානු ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිල වාර්තාවක් නොමැත.
මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති දුරකතන ඇමතුමකදී චෝදනා කර ඇත්තේ, අමෙරිකාව රුසියාවට එරෙහිව “ප්රචාරක ව්‍යාපාරයක්” ගෙන යන බව ය.
රුසියානු ආක්‍රමණය ඕනෑම දිනක ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව අමෙරිකාව දිගින් දිගටම අනතුරු අඟවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේනයේ සිටින සිය පුරවැසියන්ට හැකි ඉක්මණින් එරටින් පිටව යන ලෙස ද අමෙරිකාව මේ වනවිට දැනුම් දී ඇති බව ය.
කෙසේ වෙතත්, දේශ සීමා ආසන්නයේ 100,000 කට අධික භට පිරිසක් රැඳී සිටියද යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි, රුසියාව යළිත් තහවුරු කර තිබේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්