විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, ඉල්ලීමක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, දැනුම්දීමක්

by Staff Writer . 12-02-2022 | 8:56 PM

COLOMBO (News 1st) – කෙරවලපිටිය බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා සඳහන් කළේ, තාක්ෂණික දෝශයක් හේතුවෙන්, එම තත්ත්වය උද්ගතව ඇති බවයි. මීට අමතරව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට සොජිස්ට්ස් බලාගාරයේ විදුලිය ජනනය ද අඩු ධාරිතාවකින් සිදුවන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. සමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය පාරිභෝජනය අරපිරිමැස්මෙන් සිදුකරන්නැයි, ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.