වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

by Staff Writer . 12-02-2022 | 6:52 PM

COLOMBO (News 1st) - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, අධිකරණ නියෝගය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවය. කෙසේ වෙතත් වර්ජනයේ නියුතු අනෙකුත් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ යෙදෙන බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ය.