STF වෙඩි පහරින් 'අබ්බා' මරුට... STF සෙබළෙකුට ත් තුවාල

by Staff Writer . 11-02-2022 | 8:17 AM

COLOMBO (NEWS1ST):  මොරටුව, එගොඩඋයන ඉසුරුසිරි මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් 'අබ්බා' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.00 ට පමණ එගොඩඋයන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත වැටලීමක් කළ බවයි. එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට වෙඩි තබා තිබේ. ඊට ප්‍රතිචාර ලෙස පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් කළ වෙඩි තැබීමකින් ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහයකයෙකු වන අබ්බා නමැති 27 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් නඩුවක් සහ කාන්තාවක තියුණූ ආයුදයකින් කපා බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධ නඩුවක් ද විභාග බවතින බව බව පොලීසිය පැවසී ය. වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ද තුවාල ලැබී ය. සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.