ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියා පළමු 20යි 20 තරගය අද

ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියා T 20 තරගාවලිය අද ඇරඹේ..

by Staff Writer . 11-02-2022 | 7:42 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක ඔස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සිඩ්නි නුවරදී අද (11) ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 17 න් 8 ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, අනෙක් තරග 9 ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ, දක්ෂ ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායම සතු වන බව ය. මේ අතර ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, පැට් කමින්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.