by Staff Writer . 11-02-2022 | 10:02 PM
COLOMBO (News 1st); ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් අද(11) ජය ගත්‌තේ ය.
පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ , නායක ඒරන් ෆින්ච් සමගින් බෙන් මැක්ඩමට්.
පළමු කඩුල්ල ලෙස ෆින්ච් ලකුණු 8 ට දැවී ගියේ ය.
ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 7 ට දැවී ගිය අතර ස්ටීවන් ස්මිත් ලකුණු 9 යි.
ආරම්භක පිතිකරු බෙන් මැක්ඩමට් ලකුණු 53 ක් රැස් කළේ සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ය.
වනිඳු හසංරංග ලකුණු 38 ට කඩුලු 3 යි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 143 කි.
නමුත් පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකිවුණේ ලකුණු 122 ක් පමණි.
ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 36 ක් රැස් කළේ ය.
ජොෂ් හේසල්වුඩ් කඩුලු 4 ක් දවා ගත් අතර ඇඩම් සම්පා කඩුලු 3 කි.