by Sagarika Chathumali 11-02-2022 | 4:47 PM
COLOMBO (News 1st); මහවිලච්චිය , ගුලුපෙත්තවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් අද අලුයම පුද්ගලයකු මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා පේමඩුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ ගුලුපෙත්තවැව පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකි.
මේ අතර අප වාර්තාකරු පැවසුවේ, ගුලුපෙත්තේවැව ප්‍රදේශයේ සිය වගා බිම් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රැකීමට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පසුපස මෙම වන අලියා හඹා ගොස් ඇති බවයි.
එක් පුද්ගලයකු ගසකට නැඟ දිවි ගලවා ගෙන ඇති අතර අනිත් පුද්ගලයාගේ දිවි ගැලවී ඇත්තේ, අලියාගෙන්වේ බේරිම සඳහා දුව යන අවස්ථාවේ වගා ළිඳකට වැටීමෙනි.
වන අලියාගේ පහරදිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනෙක් පුද්ගලයායි.
එම පුද්ගලයා ඝාතනය කිරිමෙන් පසු මරණකරුගේ කුඹුරට ගොස් ඇති වන අලියා කුඹුරේ පීදෙමින් තිබූ ගොයම ද පාගා විනාශ කර තිබේ.
පසුව වන අලියා මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් නිවසෙහි ඉදිරිපස දොරට සහ පසුපස දොරට පහර දී ඇතැයි, ගම්වාසීහු පැවසූහ.
නිවසේ සිටි මියගිය පුද්ගලයාගේ මව, පියා ,බිරිඳ සහ දරුවන් දෙදෙනා දිවි ගලවා ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් පැමිණ වන අලියා එළවා දැමීමට ක්‍රියා කිරීමෙනි.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, විල්පත්තු රක්ෂිතයේ පැමිණෙන මෙම වන අලින් ජීවිත හා වගා ආරක්ෂා කර දෙන ලෙස බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද කිසිවෙකුත් සිය හඬට සවන් නොදෙන බවයි.