home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රටේ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක්.. - බැසිල් රාජපක්ෂ
by Staff Writer .
11-02-2022 | 5:32 PM
COLOMBO (News 1st);
රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශයේ අද(11) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විය. එහිදී වැඩි අවදානයක් යොමුව ඇත්තේ එළැඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම පිළිබඳවයි. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයත් තොග පවතින බවයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්න ද, එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ, අතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබාගන්නා භාණ්ඩ අධික මිල ගනන් යටතේ අලෙවි කරන බවයි. ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවදානය යොමු වී තිබේ.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය