by Staff Writer . 11-02-2022 | 10:11 PM
COLOMBO (News 1st); ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද (11) නවදිල්ලි නුවරදී එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබේ.
මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දියාව ලබාදීමට සැලසුම් කරන ඩොලර් බිලියන එකක ණය පහසුකම පිළිබඳව එහිදී පසුවිපරම් කළ බවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි නවදිල්ලි සංචාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට දක්වන පෞද්ගලික උනන්දුව පිළිබඳව ඉන්දීය මුදල් අමාත්‍යවරියට මහකොමසාරිස්වරයා මෙහිදී ස්තුතිය පල කර තිබේ.