by Staff Writer . 11-02-2022 | 10:10 PM
COLOMBO (News 1st); වැඩිහිටියන් සහ ළමුන් අතර කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ , ඔමික්‍රෝන් ප්‍රභේදයට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන්ද තවදුරටත් වාර්තා වෙමින් ඇති බවයි.
ගතවු දින 3 ක කාලය තුළ දිනකට මෙරටින් 30 කට අධික කොවිඩ් මරණ වාර්තා විය.
ඉකුත් දින 3දී කොවිඩ් ආසාදිතව මියගිය බවට තහවුරු කළ මුළු ගණන 102 කි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී විජේසුරිය මහතා
මේ මරණ පිළිබඳව විශ්ලේෂණය කරලා බලනකොට අපිට පේන එක කාරණාවක් තමයි මේ උදවිය සමහරවිට මිය යන තෙක් රෝගය නිශ්චය කරගෙනත් නැහැ. ඒවාගේම වෛද්‍ය උපදෙස් ලබා ගෙනත් නෑ. රෝහලකට යොමු වෙලත් නෑ.ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.
දැන් රට තුළ පවතින තත්ත්වය කුමක්ද?
වෛද්‍ය ජී විජේසුරිය මහතා
දිවයින පුරා මේ වනවිට අපිට දක්නට ලැබෙන්නේ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක්. අපි දැකලා තියෙනවා ජනතාවත් මේ වනවිට මේ අලුත් ප්‍රභේදයක් ප්‍රචාරය වීමත් ඒවාගේම කොවිඩ් රෝගීන් ඉහළ යාම පිළිබඳව ජනතාවගේ තැකීමක් නොමැති බවට අපිට පේනවා. මේ වනවිට ඔක්සිජන් අවශ්‍යතාව සුළු ආකාරයකින් අපිට වැඩිවෙලා තියෙනවා පසුගිය කාලයට වඩා. ඒ වාගේම මේ වනවිට රෝගය පැතිරීමේ වේගය වැඩි නිසා වැඩි පිරිසකට වැඩි නිසා දැඩි සත්කාරවලට යම්කිසි පිරිසක් යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දේ තමා ඔමික්‍රෝන් ප්‍රභේදය විතරක් නෙවෙයි මේ අතර ඩෙල්ටා ප්‍රභේදයත් තවමත් තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණොත් කොහොමත් උත්සන්න වීමේ ප්‍රවණතාවක් තියෙනවා.