by Staff writer 10-02-2022 | 6:27 PM
COLOMBO (News 1st); අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැද පුදා ගත්තේ ය.
අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේ ය.
පසුව මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ , ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමටයි.
අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් සුහද කතාබහක ද නිරත විය.