සෞඛ්‍ය වැඩ වර්ජනය අද තුන්වන දිනටත්...

සෞඛ්‍ය වැඩ වර්ජනය අද තුන්වන දිනටත්...

by Staff Writer . 09-02-2022 | 8:07 AM

COLOMBO (NEWS1ST):  සෞඛ්‍ය වෘත්තීයවේදී ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් පෙරේදා සිට මේ වර්ජනයට එක්ව සිටින්නේ වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් 9 ක් මුල්කරගනිමිනි. වර්ජනයක නිරත සෞඛ්‍ය වෘත්තීයවේදී හා සෞඛ්‍ය අමත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය. වර්ජනය හේතුවෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල , ශික්ෂණ රෝහල් 24ක මහරෝහල් 26 මූලික රෝහල් 46ක ,දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ,විකිරණ පරීක්ෂණ සිදුකිරීම ඇතුළු සේවා රැසක් ඊයේ සහ පෙරේදා දිනවල අඩාලව පැවතිණ.