by Staff Writer . 09-02-2022 | 11:54 AM
COLOMBO (News 1st) – අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවී තිබේ.
ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුවුණේ අරලියගහ මණ්දිරයේදීයි.
රටවල් 192 ක් පුරාවට විහිදී ඇති අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනය සැලකෙන්නේ, ලොව ඇති විශාලතම මානුෂවාදී සංවිධානය ලෙසියි.
කොවිඩ් වසංගතය ඇතුළු ව්‍යසන අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය ලබාදුන් මානුෂවාදී ආධාර පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අනතර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට කෘතවේදීත්වය පළකර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ඉදිරි සහන සේවා කටයුතුවලදීත් ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛත්වය දී ඔවුන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට මෙහිදී අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම්වරයා පැවසූ බවයි.