by Staff Writer . 09-02-2022 | 8:00 AM
COLOMBO (NEWS1ST): ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට , රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා , වහටියාගම , දැලතුර , කටුනායක , සීදුව , උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට , කටුනායක ගුවන් හමුදා කඳවුර , කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.
ජා - ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.