ඇප ලැබූ හිජාස් හිස්බුල්ලා අධිකරණයෙන් පිටව යයි

ඇප ලැබූ හිජාස් හිස්බුල්ලා අධිකරණයෙන් පිටව යයි

by Staff Writer . 09-02-2022 | 4:21 PM

COLOMBO (News 1st) – අභියාචනාධිකරණය දුන් ඇප නියෝගය අනුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද (09) පුත්තලම මහාධිකරණයෙන් ඇප මත මුදා හැරිණ.

ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි. පුත්තලම පුර්වගාමී මහාධිකරණ විනිසුරු මාලනී අබේරත්න මහත්මිය නියෝග කළේ සෑම මසකම දෙවන සහ හතරවන ඉරිදා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ අත්සන් තබන ලෙසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය පෙරේදා නියෝග කළේ ය. එම නියෝගය වහා හලාවත මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද එදින නියෝග කෙරිණ. නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීමේ චෝදනාව යටතේයි.