ශ්‍රීලංකාවට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

ශ්‍රීලංකාවට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

by Staff writer 08-02-2022 | 5:23 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදා ගත හැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ජංගම ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් ය. වාහන සහ උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 700 ක් වේ. ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා විසින් අද(08) පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම වාහන සහ උපකරණ භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.