by Staff Writer . 08-02-2022 | 12:11 PM
COLOMBO (News 1st) – වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අද දහවල් කොළඹ දී විරෝධතා පා ගමනක නිරත විය.
කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වු පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය දක්වා ගමන් කළේ ය.
විරෝධතාව හේතුවෙන් පුරහල අසලින් ඩීන්ස් මාරග්ය ද අවහිර විය.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ඡනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
ඊට වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.
වර්ජනය හේතුවෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල , ශික්ෂණ රෝහල් 24ක මහරෝහල් 26 මූලික රෝහල් 46ක ,දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ,විකිරණ පරීක්ෂණ සිදුකිරීම ඇතුළු සේවා රැසක් අදත් අඩාල විය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද මෙම වර්ජනයට එක්ව සිටීම හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු ,කෝවිඩ් මර්දන කටයුතු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු ද ඇන හිට ඇතැයි අප වාර්තාකරුවෝ පැවසූහ.
වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණි ජනතාව අදත් පීඩාවට පත්විය.
මේ අතර වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින් හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.