මිහින්තලයේ පාළු ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක්

මිහින්තලයේ පාළු ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක්

by Staff Writer . 08-02-2022 | 5:04 PM

COLOMBO (NEWS1ST):    මිහින්තලය, තම්මැන සීප්පුකුලම ප්‍රදේශයේ ළිඳක තිබී මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 32 ක පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුවී ඇති බවයි. මියගිය පුද්ගලයාගේ ඥාතීන්, මළ සිරුර දැක කළ පැමිණිල්ලකට අනුව පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ. මිය ගිය පුද්ගලයා සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ. මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.