අල්ලස් කොමිසමට අධිකරණයෙන්  නියෝගයක්

මහින්දානන්දට එරෙහි අල්ලස් නඩුව: අධිකරණයෙන් අල්ලස් කොමිසමට නියෝගයක්

by Staff Writer . 08-02-2022 | 4:25 PM

COLOMBO (News 1st) –  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා ලංකා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහි අල්ලස් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? සම්බන්ධ අවසන් තීරණය දෙසතියක් තුළ අධිකරණයට දැනුම් දෙන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේ ය.

ඒ අනුව ලබන 25 වැනිදා එම ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියම කෙරිණ. ඒ මෙම නඩුව අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මහෙන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේයි. 2015 ජනාධිපතිවරණය සමයේ පාසල් අතර බෙදා දීමට ලංකා සතොස හරහා ක්‍රීඩා උපකරණ ආනයනය කර ඒවා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමෙන් රුපියල් කෝටි 5 කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබේ.