by Staff Writer . 08-02-2022 | 11:21 AM
COLOMBO (NEWS1ST): පරිවේනාධිපතිවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මත පදනම්ව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛයේ විධිවිධානවලට යටත්වයි.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.