by Staff Writer . 07-02-2022 | 9:26 PM
COLOMBO (News 1st) – රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයකට ඇතුළු වී සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
ඒ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන්ට රුපියල් 5,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණ.
ඔවුන්ගේ විදේශගත වීම තහනම් කළ අධිකරණය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළේ ය.
සැකකරුවන් අතරින් දෙදෙනකු අද රාගම පොලීසියට භාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණ.