by Sagarika Chathumali 07-02-2022 | 2:10 PM
COLOMBO (News 1st) – දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ.
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත්තේ, දිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ,මෙහිදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව විදේශ ආමත්‍යවරුන් දෙදෙනා අතර පුළුල් ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවයි.
ජී.එල්. පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.