පාතාලේ 4ක් අත්අඩංගුවට

පාතාලේ 4ක් CCD අත්අඩංගුවට

by Staff Writer . 07-02-2022 | 4:23 PM

COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු වැල්ලම්පිටිය, වේරගොඩැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබී කඩු 04 ක් සහ පිහි දෙකක් ද සොයා ගත් බවයි. සැකකරුවන් 29, 35, 39 සහ 52 වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පරිප්පුවා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයින් බවට මොවුන් හඳුනා ගෙන තිබේ. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.