තෙල් ටැංකි ගැන ජී.එල්. ඉන්දියාවේදී කතා කරයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි වසර 17 ක් නොසලකා හැරීම කනගාටුවට කරුණක්... ඇමති ජී.එල්. ඉන්දියාවේදී කියයි

by Staff Writer . 07-02-2022 | 10:30 PM

COLOMBO (NEWS1ST): ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වසර 17 ක් වැනි කාලයකට නොසලකා හැරීම මහත් කනගාටුවක් බව දෙපාර්ශ්වයටම අවබෝධ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කර ඇත්තේ හින්දු පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම සඳහා ගතයුතු අමතර ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නවදිල්ලි නුවරදී අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති හමුවකින් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි. නවදිල්ලි නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දු , ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අද හමුවිය. ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.