තවත් කොරෝනා මරණ 26 ක්

තවත් කොරෝනා මරණ 26 ක්

by Staff Writer . 07-02-2022 | 9:38 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1298 ක් අද(07) හදුනා ගැනිණි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 620,732 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර තවත් කොරෝනා මරණ 26 ක් අද (07) වාර්තා කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (06) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි. ඒ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වේ. මියගිය පිරිසෙන් 18 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ . මේ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 621 කි.