by Staff Writer . 07-02-2022 | 1:59 PM
COLOMBO (News 1st) – කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ කොරෝනා මර්දනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට සහ එන්නත්කරණයට එරෙහිව අගනුවර පැවති විරෝධතා උත්සන්න වීම හමුවේයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා පොලිසීයේ පාලනයෙන් තොර වීම හමුවේ ඔටාවා, නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ට්‍රක් රථ රියැදුරන් ඇතුළු බොහෝ පිරිසක් සතියකට අධික කාලයක් අඛණ්ඩව එම විරෝධතාවලට එක්ව සිටින බව සඳහන් ය.
කැනඩාවේ ඔටාවා අගනුවර මෙන්ම ටොරන්ටෝ ඇතුළු ප්‍රධාන නගර රැසක මෙම විරෝධතා ක්‍රියාත්මක වේ.
කැනඩා බලධාරින් හඳුන්වා දි ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ තමන් දැඩි පිඩාවට පත්ව ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.
මේ වන විට කැනඩාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 83% කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන් ය.