by Staff writer 06-02-2022 | 4:27 PM
COLOMBO (News 1st) – පවතින සිමෙන්ති හිඟය ඉදිරි සති දෙක තුළ පහව යනු ඇතැයි, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් සිමෙන්ති හිඟය ඇති වූ බවයි.
කෙසේ වෙතත්, මාර්තු මාසයේ නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට නියමිත අතර, එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.
කෙසේ වෙතත්, සිමෙන්ති මිලෙහි වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු සමාගමක් තමන් වෙත දැනුම්දි නොමැති බව ද, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.