අසරණ වූ බිත්තර වෙළෙන්දන්

සත්ත්ව ආහාරවල මිල ගණන් ඉහළ යාමෙන් අසරණ වූ බිත්තර වෙළෙන්දන්

by Staff writer 06-02-2022 | 5:40 PM

COLOMBO (News 1st) –  සත්ත්ව ආහාරවල මිල ගණන් ඉහළ යාම නිසා බිත්තර වෙළෙඳාමෙන් දිවි ගෙවූවන් අසරණ වී සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, වාරියපොල, කුලියාපිටිය, හෙට්ටිපොල හා බිංගිරිය වැනි ප්‍රදේශවල බොහෝ පිරිසක් ජීවත් වන්නේ බිත්තර වෙළඳාමෙන් ය. නමුත් බිත්තර ඉල්ලුම අඩුවීම නිසා දැන් ඔවුන්ට සිදුව ඇත්තේ ගොවිපොලවල් වසා දැමීමටයි.
බිත්තර නිෂ්පාදකයෙක් කෑම මිටිය එදා රුපියල් 3000 ගානට අරන් බිත්තර ගෙඩිය රුපියල් 15.50ට 16ට ගිහිල්ලා අද රුපියල් 6000ක් දීලත් ගෙනල්ලත් දෙන්න වෙලා තියන්නේ රුපියල් 16ට 17ට. කොහොමද කරන්නේ කොහෙද ලාභ තියන්නේ. ඉතින් මම පාරටවත් යන්න තමයි කල්පනා කරන්නේ.
රෑ එළිවෙනකොට කෑම මිල අහස උසට නගිනවා. මේක කරගන්න බැහැනේ. අපි වහලා දාලා තියන්නේ. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර්. අලහකෝන් මහතා විශේෂයෙන් අද වෙනකොට රයිස් පොලිෂ් , හුණු සහල් , සෝයා ඒ වගේම බඩ ඉරිගු මිල ඉතාමත්ම සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියනවා. කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර මහතා
අද බිත්තර ගෙඩියක් නිෂ්පාදන පිරිවැය විතරක් යනවා රුපියල් 20ත් , 21ත් , 22 ත් අතර මිලකට අද යන්නේ ගොවියට අද බිත්තර ගෙඩිය රුපියල් 15කටත් දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියනවා. වහාම මැදිහත් වීමක් නොකළොතින් මේ කර්මාන්තය රැකගන්න කිහිප දෙනෙක් අත මේක ඉතිරිවෙලා බිත්තර ගෙඩිය රුපියල් 50ට යන එක වළක්වන්න බැහැ.