by Staff writer 06-02-2022 | 9:34 PM
COLOMBO (News 1st) – නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද(06) පස්වරුවේ ඉන්දියාවට ළඟා විය.
ඔහු දින 3 ක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතය.
ඉන්දියාවට පැමිණි විදේශ අමාත්‍යවරයා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් පිළිගනු ලැබුවේ ය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්ද්‍රීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්දු මෝදි, විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඇතුළු රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරිමට නියමිතව ඇතැයි, විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ය.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම සංචාරයේ නිරතවන්නේ , රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයෙන් මිදීමට ඩොලර් බිලියනයකට අධික මූල්‍ය සහයක් ඉන්දියාවෙන් කඩිනමින් අපේක්ෂා කරන පසුබිමකයි.