by Staff writer 06-02-2022 | 4:12 PM
COLOMBO (News 1st) – ගම්පහ - අස්ගිරිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (05 )රාත්‍රියේ බවුසරයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් මියගොස් ඇත්තේ, ගම්පහ, උක්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පියා සහ 06 හැවිරිදි දියණියකි.
ඔවුන් රාත්‍රී ආහාර මිලදී ගැනීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර, අනතුර සම්බන්ධයෙන්, බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මියගියා පියාගේ සහ දියණියගේ මෘත ශරිර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය පැවසුවේ ය.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.