by Staff writer 06-02-2022 | 4:12 PM
COLOMBO (News 1st) – නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරුන් එහි නවතා තිබූ රුපියල් ලක්ෂ 400 ක් වටිනා ජීප් රථය සොරාගෙන ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද (06) අලුයම 3.30 ට පමණ නිවසේ ජනේලයක් කඩා සොරුන් නිවසට ඇතුළු වී යතුරු එල්ලන ස්ථානයේ තිබූ ජිප් රථයේ යතුර රැගෙන ජීප් රථය පන ගන්වා රැගෙන ගොස් ඇති බවය.
එම අවස්ථාවේදී නිවසේ ආරක්ෂක නිලධාරියා ද සිට ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, නිවසේ අයිතිකරු ජිප් රථය පන ගන්වාගෙන යන්නට ඇතැයි ආරක්ෂක නිලධාරියා සිතා ඇති බවය.
සොරුන් නිවසට ඇතුළු වන අවස්ථාවේදී නිවසේ සියලු දෙනාටම නින්දට ගොස් තිබේ.
CCTV දර්ශන අනුව කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වාහනය පදවාගෙන යන ආකාරය දිස්වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.