ICCය නම් කළ U19 කණ්ඩායමට දුනිත් වෙල්ලාලත්..

දස්කම් අනුව ICCය නම් කළ 19න් පහළ කණ්ඩායමට දුනිත් වෙල්ලාලත්..

by Staff writer 06-02-2022 | 10:00 PM

COLOMBO (News 1st) –  වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා අනුව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ නම ද ඇතුළත් කර තිබේ.

දුනිත් ට අමතරව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු, පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු , දකුණු අප්‍රිකානු ක්‍රිඩකයෙකු, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු , බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හා ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වේ.