ජල බිල් නොගෙවූ මැති ඇමතිවරු 45ක්...

ජල බිල් නොගෙවන මැති ඇමතිවරු ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනවා - වාසුදේව

by Staff Writer . 06-02-2022 | 2:36 PM

COLOMBO (News 1st) - ජල බිල්පත් නොගෙවන හිටපු මැතිඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු පමණ මේ වන විට හඳුනා ගෙන ඇති බව ය. අදාළ නිල නිවාස අමාත්‍යාංශ මට්ටමින් ලැබී ඇති බැවින් අදාළ මුදල්,අමාත්‍යාංශ හරහා ලබා ගන්නා ලෙස ඇතැම් මැති ඇමතිවරුන් දන්වා ඇතැයි, වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි ක්‍රමවේදයක් නොමැති බැවින් අදාළ බිල්පත් ගාස්තු ගෙවීමට තමන්ට නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇති බව ය. මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර, අවසන් තීන්දුවක් ගන්නා බව, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව, ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට හෝ කටයුතු කරන බව ය.