විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 05-02-2022 | 1:11 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන විජය මලලසේකර මහතා අද(05) උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ විජය මලලසේකර මහතා මිය යන විට 77 වැනි වියේ පසුවිය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ ඒ මහතා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහි ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ ය. රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන රැසක ඉහළ තනතුරු දැරූ මලලසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට පත් වූයේ 2001 වසරේදී ය. ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව ටෙස්ට් තරග 10ක් ජය ගෙන තිබේ.