by Staff writer 05-02-2022 | 7:07 PM
COLOMBO (News 1st) – අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පොරවකින් පහර දී තිබේ.
පොලීසිය සඳහන් කළේ, පිටුපසින් පැමිණි පුද්ගලයෙකු පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඇති බවය.
එම අවස්ථාවේදී ඔහු සමග තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු රාජකාරියේ යෙදී සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලීසිය සඳහන් කළේ, පහර දුන් පුද්ගලයා ද පසුව වස පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවය.