රට වටා විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්

රට වටා විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

by Staff writer 05-02-2022 | 9:28 PM

COLOMBO (News 1st) –  පසුගියදා සිදුවූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පැවසුවේ අදාළ සිදුවිම සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ,
"කොමිසමට කිසිදු දැනුම්දීමකින් තොරව තමයි මේ විදුලිය විසන්ධි කිරීම සිදු කළේ, ඒක පණතට වගේම නීතීයට පටහැනියි . නීතීමය කටයුතු අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ . ඊටත් අමතරව පණත උල්ලංඝණය කරපු ඒ කාරණාය ගැනත් අපි ඉතා අවදානයෙන් ඉන්නේ මේක අනිවාර්යෙන්ම කඩාකප්පල් කාරී ක්‍රියාවක් විය යුතුයි මොකද නැත්තම් පහ හමාරට විදුලිය කපා දැමීමක් සිදුවෙන්නේ නැහැ ඒක පීක් ටයිම් එකක් නෙවෙයි"