ජා. රෝහලේ ප්‍රතිකාර ලැබූවෙකුට ආයුධයකින් ප්‍රහාරයක්

තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ අයෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි

by Staff writer 05-02-2022 | 5:10 PM

COLOMBO (News 1st) –  කොළඹ ජාතික රෝහළට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට පිහියකින් ඇන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පහරදීමෙන් පසුව එම පුද්ගලයා පලාගොස් ඇති බවය. ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. මුදල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසුව පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා අද(05) අලුයම හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරිණි. ඔහු මරදාන ආනන්ද මාවතේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. එම අවස්ථාවේ ද, ඔහුට පහරදුන් සැකකරු ජාතික රෝහලට පැමිණ පිහියකින් ඇන ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.