කොරෝනා ආසාදිතයින්ගේ 30%ක වැඩිවීමක්..

කොරෝනා ආසාදිතයින්ගේ 30%ක වැඩිවීමක් - සෞඛ්‍ය අංශ -

by Staff writer 05-02-2022 | 7:35 AM

COLOMBO (News 1st) – ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග පසුගිය සතියට සාපෙක්ෂව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි තාක්ෂණ සේවා අධ්‍යක්ෂ සහ කොරෝනා සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ද 8%ත් 10%ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවය. පසුගිය සති කිහිපයේ කොරෝනා හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති බව ද ඔහු පැවසුවේ ය. 70%කට පමණ පිරිසකට ඉදිරියේදී බූස්ටර් මාත්‍රාව ලබාදීමට අපේක්ෂා කරන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ ය.