සුරංග ඩර්බිෂයර් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි

සුරංග ලක්මාල් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමග ගිවිසුම්ගත වෙයි

by Staff Writer . 04-02-2022 | 12:59 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වසර 2ක කාලක් සඳහා එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබේ.

34 හැවිරිදි සුරංග ලක්මාල්, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට සූදානම් බව පසුගිය දා වාර්තා විය. බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ඔහු ඉන් අනතුරුව එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග එක්වනු ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා ද මේ වන විට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ලෙස කටයුතු කරයි. සුරංග ලක්මාල් එම කණ්ඩායමට එක් කර ගැනීම පිළිබඳව මිකී ආතර් සතුට පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. ටෙස්ට් තරග 68කට ක්‍රීඩා කළ සුරංග ලක්මාල් කඩුලු 168ක් දවා ගෙන සිටින අතර ටෙස්ට් තරග 5කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ද ලබා දී තිබේ.