by Staff Writer . 04-02-2022 | 8:46 PM
COLOMBO (News 1st) - ලබන 07 වැනිදා යළිත් ඩීසල් නැවක් එන තෙක් කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ, මෙරට ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් ජාතික පද්ධතියට එක්කරන ධාරිතාවය 32 % ක් දක්වා පහත බැස තිබෙන පසුබිමකදීය.
විදුලිබල මණ්ඩලයය නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ, දැනට ක්‍රියාත්මක වෙන ඉන්ධන බලගාරවලත් ඉන්ධන සීමිත තත්ත්වයක පවතින බවය.
ඊයේ (04) රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය නිල නිවේදනයක් සිදු නොකළත් ප්‍රදේශ රැසක අවස්ථා කිහිපයකදි විදුලිය බිඳ වැටුණි.