යුද හමුදා නිලධාරීන් 480කට උසස්වීම්

යුද හමුදා නිලධාරීන් 480කට සහ සෙසු නිලයින් 8034 කට උසස්වීම්

by Staff Writer . 04-02-2022 | 2:08 PM

COLOMBO (NEWS1ST):  ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක් පිරිනමා තිබේ.

ඒ සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි. ඒ අනුව යුද හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 කට සහ සෙසු නිලයන් 2,338 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. ඒ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි