by Staff Writer . 04-02-2022 | 3:34 PM
COLOMBO (NEWS1ST): කළුතර, පයාගල මුහුදු වෙරළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.
පොලිසිය සඳහන් කළේ, මළ සිරුරෙහි තුවාල දක්නට ඇති බවයි.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැත.
පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතයි.