by Staff Writer . 04-02-2022 | 2:10 PM
COLOMBO (NEWS1ST): තන්තිරිමලේ මහවිලච්චිය, නෙළුම්විල ගම්මානය වෙනුවෙන් ගම්මැද්ද ඉදිකළ ජල පෙරණ පද්ධතිය 74 වන නිදහස් දිනයට සමගාමීව අද ජනතා අයිතියට පත් කෙරිණ.
අලි - මිනිස් ගැටුමින් වගේම පිරිසිදු පානිය ජලය නොමැති කමින් දීර්ඝ කාලයක සිට නෙළුම්විල සහ ඒ අවට ගම්මාන 22 ක පවුල් 650 කට වැඩි පිරිසක් පීඩා විඳිමින් සිටී.
වකුගඩු රෝගයට ගොදුරු වූ 150 දෙනෙකු පමණ සිටින නෙළුම්විල ගමේ වකුගඩු රෝගය හේතුවෙන් ජීවිත අහිමි පිරිස 30 දෙනෙකි.
මෙතෙක් කාලයක් මුදල් ගෙවා පානීය ජලය ලබා ගත් නෙළුම්විල ජනතාවට අද පිරිසිදු පානීය ජල බිඳක බලාපොරොත්තුව ඉටු විය.
ටෙනිසන් සහ විනීතා රොද්‍රිගෝ භාරය මෙම ජල පෙරණ පද්ධතියක් ඉදි කිරීමට මූල්‍ය දායත්වය ලබා දුන්නේ ය.
74 වන ජාතික නිදහස් දිනයට සමගාවීම නිදහස් දින සැමරුම් උත්සවයක් ද අද නෙළුම්විල ග්‍රාමයේ පැවැත් වුණේ, රාජ්‍ය නිලධාරීන් , ආරක්ෂක අංශ සමාජිකයින් මෙන්ම කැපිටල් මහරාජා සමූහයේ ඉහළ කළමනාකරිතවයේ සහභාගිත්වයෙනි.
විවිධ සංස්කෘතිකාංගවලින් සමන්විත නිදහස් දින සැමරුම් පෙළපාලියකින් ආරාධිතයින් උත්සව සභාව වෙත කැඳවාගෙන එනු ලැබිණ.