තියුණු ආයුධයකින් පහරදී 15 දැරියක් ඝාතනය කෙරේ..

තියුණු ආයුධයකින් පහරදී 15 දැරියක් ඝාතනය කෙරේ..

by Staff Writer . 04-02-2022 | 4:09 PM

COLOMBO (NEWS1ST): පිහිපහරකට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි 15 හැවිරිදි ඊයේ (04) මියගොස් තිබේ.

ඒ , කන්තලේ මහ රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල දක්වා රැගෙන යමින් සිටියදී ය. දැරිය ඉකුත් 01 වැනිදා පිහි ඇනුම් කා ඇත්තේ සිය නිවසේදී ය. ඇගේ පෙම්වතායැයි කියන 17 හැවිරිදි තරුණයෙකු පිහි ඇනුම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය. දැරිය කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචිකාරියකි. පොලිසිය පවසන පරිදි සැකකරු පිහි ඇනුම සිදුකර ඇත්තේ , දැරියගේ මවද නිවසේ සිටි අවස්ථාවක නිවසට පැමිණ සැඟව සිටිමෙන් අනතුරුවයි. දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදි පැවැත්වීමට නියමිත ය. සැකකාර තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.