ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂ 5 පනී

ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂ 5 පනී

by Staff Writer . 04-02-2022 | 1:08 PM

COLOMBO (NEWS1ST): ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියේ ය.

ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ පන් ලක්ෂ අසූහතක් ලෙසයි. ගෝලීය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩිම මට්ටමේ සිට සලකා බැලූ විට ඉන්දියාව සිව්වැනි ස්ථානයේ පසුවේ. ඩෙල්ටා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවවල සඳහන් ය.