මේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයයි – අගමැති

මේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයයි – අගමැති

මේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයයි – අගමැති

කර්තෘ Staff Writer .

04 Feb, 2022 | 8:04 am

COLOMBO (News 1st) – එළඹි තිබෙන්නේ අභියෝග මතින් එක්ව නැගි සිටිය යුතු කාලයක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ , 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුළින් නිදහසේ අරුත තවදුරටත් පුළුල් කර ගත හැකි යැයි තමා විශ්වාස කරන බව ය.

දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, ආගමික, මාධ්‍ය යනාදි සකල විද අභ්‍යන්තර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරිම අවශ්‍යයෙන්ම කළ යුතු බව 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිඩිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අවස්ථාවාදය සහ බලලෝබිත්වය කරපින්නා ගත් පටු චින්තනය ඉවත් කොට සැබෑ කැපවිමකින් මාතෘ භුමියේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික න්‍යාය පත්‍රයක පිහිටුවා කටයුතු කිරීම මේ මොහොතේ පළමු ,දෙවන සහ තෙවන ප්‍රමුඛතාවන් විය යුතු බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]