by Nadeeshan Meedin 03-02-2022 | 4:11 PM
Colombo news1st – ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන ඉරාන ජාතිකයින් පිරිසක් සමග ආරක්ෂක අංශ භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙන විත් තිබේ.
පොලිසිය සඳහන් කළේ, යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
යාත්‍රාවේ තිබූ බව කියන හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් මුහුදට දමා ඇති බවට තොරතුරු අනාවරණ වන බව, නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සඳහන් කළේ , සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් ද සිය භාරයට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.