රාගම වෛද්‍ය පීඨ ගැටුම: සිසුන් 3ක් අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨ ගැටුම: සිව් වැනි වසරේ සිසුන් 3ක් අත්අඩංගුවට

by Staff Writer . 03-02-2022 | 4:34 PM

COLOMBO (News 1st) –   රාගම වෛද්‍ය පීඨයේ 03 වැනි වසරේ සිසුවෙකුට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් සිව් වැනි වසරේ සිසුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රාගම පොලීසිය විසින් එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි. ‌මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 07 දෙනා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රාජ්‍ය අමාත්‍යවරයාගේ 23 හැවිරිදි පුත්‍රයා නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ රාත්‍රී පොලීසියට භාරවීමෙන් පසු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ. මේ අතර පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්විය. අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයකට ඉඩ තබමින් තමා ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.