රාගම වෛද්‍ය පීඨ ගැටුම: ඇමති පුතා රිමාන්ඩ්

රාගම වෛද්‍ය පීඨ ගැටුම: ඇමති පුත්‍රයා ඇතුළු පිරිස රිමාන්ඩ්

by Staff Writer . 03-02-2022 | 1:51 PM

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 07 දෙනා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔවුන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිසියට භාරවීමෙන් පසු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබිණ. පොලීසිය පැවසුවේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ 23 හැවිරිදි පුත්‍රයා නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ රාත්‍රී පොලීසියට භාර වූ බවයි. මේ අතර මෙම පහරදීම සඳහා පැමිණි මෝටර් රථයක් ද කළුබෝවිල ප්‍රදේශයේදී පොලීසිය භාරයට ගැනිණ. රාගම වෛද්‍ය පීඨයේ සිව් වැනි වසරේ පිරිමි නේවාසිකාගාරයේ ඊයේ අලුයම මෙම ගැටුම හට ගෙන තිබූ අතර පොලීසිය පැවසුවේ සිව්වන වසරේ සිසුන් හා තුන්වන වසරේ සිසුවෙකු මුල්වී මේ ගැටුම හටගෙන ඇතැයි විමර්ශනවලදී පෙනී ගිය බවයි. ගැටුමෙන් තුවාල ලැබූ තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබිණ. පොල් සංවර්ධන මණ්ඩලයට අයත් මෝටර් රථයකින් පැමිණි බාහිර පිරිසක් තමන්ට පහරදුන් බව සිව්වන වසර් සිසුන් චෝදනා කළ අතර සිසුන්  අදාළ වාහනය හා රියදුරු ඔවුන් සිය භාරයට ගෙන තිබිණ.